දැනුවත් කිරීම
දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනත් රජයේ නියාමන ආයතනවල ඉල්ලීම පරිදි අපගේ ප්‍රාදේශීය කාර්යාල මගින් ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නිරන්තරයෙන් සපයන සේවවාක් වේ.
පුනරුත්ථාපනය
පාරිසරික නිශ්කාෂණ
ජාතික පාරිසරික පනත යටතේ නිර්දිෂ්ට සියලු පතල් කැණීම් හා ඛනිජ ද්‍රව්‍ය නිෂ්කර්ෂණය කිරීමේ ව්‍යාපෘති, මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කිරීම මගින් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ විධිවිධාන පරිදි මධ්‍යම පරිසර අධිකාරියෙන් අදාළ පාරිසරික නිශ්කාෂණය ලබා ගත යුතුය. “ආ” කාණ්ඩයේ කාර්මික පතල් කැණීම් බලපත්‍ර යටතේ සියලු පතල් කැණීම් ක්‍රියාකාරකම් සඳහා පාරිසරික නිශ්කාෂණය ලබා ගත යුතුය.
පහත කරුණු සැලකිල්ලට ගත යුතුය.
- ‘අ’ කාණ්ඩයේ කාර්මික පතල් කැණීම් බලපත්‍රවල සියලු පතල් කැණීම් ව්‍යාපෘති නිර්දිෂ්ට සේ සලකනු නොලැබේ.
- මධ්‍යම පරිසර අධිකාරිය පරිසර නිශ්කාෂණ ලෙස පාරිසරික ආරක්ෂණ බලපත්‍ර හෝ පාරිසරික නිර්දේශ නිකුත් කරයි. මේ දක්වා පාරිසරික නිර්දේශ ජාතික පාරිසරික පනත යටතේ නිත්‍යානුකූල කර නොමැත.