2009 අංක 66 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය (සංශෝධන) පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රවය පනත සහ එහි නියෝග යටතේ කාර්යාංශය ඛනිජ ද්‍රව්‍ය සඳහා ගවේෂණය කිරීම, පතල් කැනීම, ඒවා ප්‍රවාහනය කිරීම, සකස් කිරීම, ගබඩා කිරීම, වෙළඳාම් කිරීම හෝ අපනයනය කිරීම පිණිස බලපත්‍ර නිකුත් කරයි. එම බලපත්‍ර පිළිබඳ විස්තර පහත දැක්වේ.

සංශෝධන පනතේ 11(2) වගන්තිය සමග කියවිය යුතු ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වැනි වගන්තිය ප්‍රකාරව, පහත දැක්වෙන අය ඒ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබයි.

    1. වයස අවුරුදු දහ අටට අඩු;
    2. රජයේ නිලධාරියකු හෝ යම් පළාත් සභාවක නැතහොත් පළාත් පාලන ආයතනයක සේවා නියුක්තයකු;
    3. ශ්‍රී ලංකාවේ බලාත්මක වන යම් නීතියක් යටතේ සිහි විකල් බවට ප්‍රකාශිත තැනැත්තකු;
    4. ශ්‍රී ලංකාවෙහි හෝ වෙනත් යම් රටක හෝ බලාත්මකව පවත්නා යම් නීතියක් යටතේ වස්තු භංගත්වයට හෝ බුන්වත් බවට ප්‍රකාශ කරනු ලැබ නිදහස් කරනු නොලැබූ වස්තු භංගත්වයට පත් හෝ බුන්වත් තැනැත්තකු;
    5. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභාවේ මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු වන පුද්ගලයකු වෙත.
    1. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු කිරීමට ලියාපදිංචි කර නොමැති;
    2. බුන්වත් ලෙස ප්‍රකාශ කරනු ලැබු නැතහොත් ඈවර කරනු ලැබීමට යටත් සමාගමක් වෙත;
    1. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු කර ගෙන යාම පිණිස ලියාපදිංචි කර නොමැති;
    2. බුන්වත් ලෙස ප්‍රකාශ කරනු ලැබු නැතහොත් ඈවර කරනු ලැබීමට යටත් ව්‍යාපාර ආයතනයක් වෙත;
  1. බලපත්‍රය ඉල්ලුම් කර ඇත්තේ යම් කටයුතු වෙනුවෙන් ද, කාර්යාංශයේ මතය අනුව, ඒ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය ශක්නුතාව හා කාර්මික සුදුසුකම් නොමැති යම් ඉල්ලුම්කරුවකු වෙත;
  2. බලපත්‍රය නිකුත් කිරිම සඳහා නියමිත ගාස්තුව ගෙවීම පැහැර හරින යම් ඉල්ලුම්කරුවකු වෙත බලපත්‍රයත් නිකුත් කරනු නොලැබිය යුතු ය.

බලපත්‍ර කාණ්ඩ