සිතියම්
භූ විද්‍යා සිතියම් සැකසීම
පනත මගින් බලය පවරා ඇති පරිදි, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ රටේ විවිධ වර්ගයේ භූ විද්‍යා සිතියම් සකස් කිරීමයි. එහි සිතියම් විද්‍යා ඒකකය එක් ප්‍රධාන ආධාරක ශාඛාවකි. “ශ්‍රී ලංකා 1:100,000 භූ විද්‍යාව (තාවකාලික ශ්‍රේණිය) මැයෙන් යුතු සිතියම් විසි එකකින් (21) රටේ සමස්ත භූමි ප්‍රමාණය ආවරණය කරයි. ඒ අතුරින්, 1:250,000 පරිමාණයෙන් යුතු 1:100,000 පරිමාණයේ සිතියම් හතක් (7) අන්තර්ගත එක් (1) සංයුක්ත සිතියමක් බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ 1994 වසරේදී ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර තවත් සිතියම් දහහතරක් (14) ඹ්ස්ට්‍රේලියානු මූල්‍ය හා තාක්ෂණික ආධාරය (AusAID) යටතේ 1999 වසරේදී ප්‍රකාශයට පත්කරන ලදී. ඉතිරි සිතියම් හත (7) ආයතනික අභ්‍යන්තර විශේෂඥ දැනුම යොදා ගනිමින් සම්පූර්ණ කර මුද්‍රණය කරන ලදී. මේ වන විට සිතියම් විද්‍යා ඒකකය පහත දැක්වෙන සිතියම් සම්පූර්ණ කර ඇත.
භූමි කම්පා
භූ කමිපන දත්ත සහ සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය
හර ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර බැඳීම් පිළිබිඹු කිරීම පිණිස, මෙය භූ කම්පන දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථානය ලෙස යළි නම් කිරීමට යෝජනා කෙරේ. (SDAC)
කාර්යාංශය 2000 වසරේ සිට භූමි කම්පා නිරික්ෂණ කටයුතුවල නියැළී සිටිය ද, 2004 සුනාමි ව්‍යසනය සිදුවන තෙක් සතියේ පැය 24 පුරා ක්‍රියාත්මක වන භුමි කම්පා නිරික්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තරම් බලගතු හේතුවක් නොතිබුණි.
සීමිත වෙබ් පාදක විවෘත නිරික්ෂණ පහසුකම් සහිතව පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානයෙන් (PALK) ආරම්භ කිරීමෙන් පසුව තවත් මධ්‍යස්ථාන දෙකක්, එනම් උතුරේ මහකනදරාව (MALK) සහ දකුණේ හක්මන (HALK) ස්ථාපිත කරනු ලැබිය (පිළිවෙළින් ඡායරූප 3 සහ 4)
භූ කම්පන මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්තව්‍ය වනුයේ භූ කම්පන පිළිබඳ නිවැරැදි සහ කඩිනම් දත්ත, විශේෂයෙන්ම සුනාමියක් ඇති කළ හැකි ආසන්න සිදුවීම් පිළිබදව අදාළ බලධාරීන් වෙත ලබා දීම සහ පසුව එම දත්ත පර්යේෂණ කාර්යයන් සඳහා භාවිතා කිරීමයි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව ශ්‍රි ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතිය ප්‍රතිශෝධනය කළ අතර භූමි කම්පා ආශ්රිත කාර්යයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට බලය පවරන ලදී. 1992 අංක 33 දරන පතල් හා ඛනිජ පනතින් කාර්යාංශයට ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ඉටු කිරිමට කිසිදු විධිවිධානයක් සලසා නොමැති වුව ද, 2009 අංක 66 දරන පතල් හා ඛනිජ (සංශෝධන) පනතින් අවශ්‍ය කරනු ලබන නෛතික බලගැන්වීම ලැබුණු පසු ක්‍රමානුකූලව භූමි කම්පා නිරීක්ෂණ ක්‍රියාකාරකම් සිදු කිරීමට සහ නිවැරැදි තොරතුරු කඩිනමින් ලබා දිමට භූ කම්පන මධ්‍යස්ධානය සුදානමින් පසු විය.
මධ්‍ය ඉන්දීය සාගරයේ භූ තල සීමාව දීර්ඝ කිරිම අඟවන, ශ්‍රි ලංකාවේ සක්‍රීය විභේද සහ ප්‍රධාන ස්ඵටිකරූපී සංකීර්ණ දෙක සලකුණු කරන එහි විසාරී මායිම පිළිබඳ පර්යේෂණ සිදු කිරීම ද භූ කම්පන මධ්‍යස්ථානය සිදුකරමින් පවතින තවත් ක්‍රියාකාරකමකි.
මධ්‍යස්ථානය දත්ත උපාර්ජනය කිරිම සහ දත්ත පිරිසැකසුම් කිරීමේ නියැළි සිටීමට අමතරව, අදාළ ආයතනවලට නිවැරැදි භූමි කම්පා පරාමිතීන් සැපයිම සඳහා ද වගකිව යුතු වේ. දත්ත උපාර්ජනය සහ දත්ත විශ්ලේෂණය සඳහා ධාරිතාව වර්ධනය කරන අතර, ආශ්රිත තොරතුරු හුවමාර කිරීම සඳහා ආපදා කළමනාකරණයට සම්බන්ධ අනෙකුත් ආයතන සංඛ්‍යාව, ප්‍රජාවන්, මාධ්‍ය ඉහළ නැංවීමේ ක්‍රියාදාමයක භූ කම්පන දත්ත විෂ්ලේෂණ මධ්‍යස්ථානය නිරතව සිටී.
මධ්‍යස්ථානය 24/7 පදනමින් ක්‍රියාත්මක වේ. සාමාන්‍ය කාර්යාල වේලාවෙන් පසුව, දේශීයව හෝ විදේශීයව පුහුණු කරන ලද භූ භෞතික විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරීන්ගන් සමන්විත සංචිතයකින් නිලධාරින් දෙදෙනෙකු යොදා ගනිමින් එහි කටයුතු සිදු කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දීය සාගර කලාපය තුළ සිදුවන යම් භූ කම්පනයක් නිරීක්ෂණය කිරීමේ කාර්යය ඔවුනට පවරා ඇත.
භූ කම්පන නිරීක්ෂණය
IDA/IRIS ජාල ව්‍යාපෘතියේ එක් මධ්‍යස්තානයක් සහ GEOFON භූ කම්පන ජාලයේ මධ්‍යස්ථාන දෙකක් ඇතුළුව භූ කම්පන ජාලය පුළුල් කලාපීය මධ්‍යස්ථාන තුනකින් සමන්විත වේ. මෙම භූ කම්පන මධ්‍යස්ථාන තුන අදාළ මව් ජාලවල සහාය ඇතිව කාර්යාංශය විසින් නඩත්තු කරනු ලබයි. මෙම මධ්‍යස්ථාන තුනම ගෝලීයව දත්ත ලබා ගෙන භූ කම්පන මධ්‍යස්ථානය සමග ඒවා බෙදාහදා ගනියි.
සටහන : නිල් යටිඉර URL ප්‍රවේශය දක්වයි.
PALK භූ කම්පන මධ්‍යස්ථානය
මහනුවර පල්ලේකැලේ පිහිටා ඇති PALK භූ කම්පන මධ්‍යස්ථානය සැන් ඩියාගෝ, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ කාර්යාංශය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කරන ලද්දකි.
Station Code |
PALK |
Location |
Pallekelle, Kandy |
Latitude |
7.2728 N |
Longitude |
80.7022 E |
Altitude |
460 m |
Commenced on |
August 22, 2000? |
Network Affiliation |
IRIS/IDA – GSN |
Network Contact |
IDA Seismographic Network |
Instrumentation |
STS6, Trillium 120PH, Q330 |
HALK සහ MALK භූ කම්පන මධ්‍යස්ථාන
MALK (මහකනදරාව) සහ HALK (හක්මන) GEOFON මධ්‍යස්ථාන දෙක (රූපසටහන 3) භූ විද්‍යා පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය වන GFZ විසින් ජර්මානු ඉන්දුනීසියානු සුනාමි පූර්ව අනතූරු ඇඟවීමේ පද්ධතිය (GITEWS) යටතේ 2010 වසරේදී ස්ථාපිත කරන ලදී.
ඕස්ට්‍රියාවේ වියානා පදනම් කරගත් විස්තීරණ න්‍යෂ්ඨික පරීක්ෂා තහනම් කිරීමේ සම්මුති සංවිධානයේ (CTBTO) ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය වනුයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වන අතර භූ කම්පන දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථානය /භූ උපද්‍රව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (SDAC/EHAC) ශ්‍රී ලාංකික ජාතික දත්ත මධ්‍යස්ථානය ලෙස හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ PALK ගෝලීය භූ කම්පන රේඛ ජාල (GSN) මධ්‍යස්ථානය ( කාර්යාංශය සහ සැන් ඩියාගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් ඒකාබද්ධව මෙහෙයවනු ලබන) අන්තර්ජාතික අධීක්ෂණ පද්ධතිය තුළ සහායක මධ්‍යස්ථානයක් ලෙස 2008 පෙබරවාරි මාසයේදී සහතික කරනු ලැබූ අතර එහි දත්ත න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා යොදා ගනු ලැබේ.
Station Code |
HALK |
MALK |
Location |
Umangala Temple, Hakmana |
Eithihaasika Gale Pansala, Mahakanadarawa |
Latitude |
6.08 N |
8.39 N |
Longitude |
80.68 E |
80.54 E |
Commenced on |
April 23, 2010 |
April 10, 2010 |
Network Affiliation |
GE |
GE |
Network Contact |
GEOFON / Section 2.4 |
|
Instrumentation |
STS-2, Q330 |
STS-2, Q330 |
The GSMB is the technical focal point in Sri Lanka to the Comprehensive Nuclear Test Ban Treaty Organization (CTBTO) based in Vienna, Austria while the SDAC/EHAC has been identified as the Sri Lankan National Data Centre.
Sri Lanka’s PALK GSN station (jointly operated by GSMB and University of California, San Diego) was certified in February 2008 as an auxiliary station within their International Monitoring System and its data used for monitoring of nuclear activities.