භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය භූ විද්‍යා සහ පතල් කැණීම් සහ ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත තොරතුරු පිළිබඳ ග්‍රන්ථ රාශියක එකතුවකින් යුත් විශේෂ පුස්තකාලයක් වන අතර පුස්තකාලය හා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන වගකීම වනුයේ අවසන් පරිශීලකයන්ට මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු එකතු කිරීම, ප්‍රචාරණය කිරීම සහ සැපයීම මගින් ආයතනයේ විද්‍යාඥයන්ගේ සහ ආශ්‍රිත සම්පත් අධ්‍යයනයේ සහ පර්යේෂණවල නියැළී සිටින පරිශීලකයන්ගේ තොරතුරු අවශ්‍යතා සහතික කරමින් ඔවුන්ගේ පර්යේෂණ අධ්‍යයන නව්‍යකරණයට අභිප්‍රේරණය කිරීමයි.

අපගේ දැක්ම

බුද්ධිමය හුවමාරුව සහ දැනුම නිර්මාණය කිරීම සඳහා පෙළඹවීම පිණිස නව්‍ය උපායමාර්ග භාවිතා කරමින් තොරතුරු වෙත ගෝලීය ප්‍රවේශය සපයමින් ප්‍රමුඛතම පර්යේෂණ පුස්තකාලයක් වීම

අපගේ මෙහෙවර

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානයේ මෙහෙවර වනුයේ දැනම් හා තොරතුරු රැස්කිරීම හා සංරක්ෂණය කිරීම, විශිෂ්ඨ ශාස්ත්‍රීය සහ අධ්‍යාපනික සම්පත් වෙත ප්‍රවේශය සාපයීම, ඉහළ ගුණාත්මකබවින් යුතු නව්‍යකරණ සේවා සැපයීම සහ ආකර්ෂණීය හා සුවපහසු භෞතික පරිසරයක් නිර්මාණය කිරීමය.

Objective

  • Collecting, compiling, retrieving and disseminating information relate it to our research for the benefit of GSMB research staff and other interested parties.
  • Developing well balanced and relevant information collection.
  • providing access to information in all formats national & internationally