අපගේ අතීත වාර්තාවන්ගෙන් අනාවරණය වනුයේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය අවරුදු අනූවක කාල පරාසයක් පුරා විහිදෙන භූ විද්‍යා දෙපාර්තමේන්තු තුනක අනුප්‍රාප්තිකයා බවයි. ඉන් පළමුවන්න වූ‌යේ ලංඩන්හි ඉම්පිරීයල් ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඩබ්ලියු. ආර්. ඩන්ස්ටන් මහතාගේ නිර්දේශය මත 1903 වසරේදී ස්ථාපිත කරනු ලැබූ ලංකා ඛනිජ සමීක්ෂණ ආයතනය වූ අතර එහි ප්‍රථම ප්‍රධාන ඛනිජ සමික්ෂක වූයේ ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මහතා ය. රටේ ඛනිජ සම්පත් පවත්නා ප්‍රමාණය සහ එහි ආර්ථික ඛනිජ සංවර්ධන කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම ලංකා ඛනිජ සමීක්ෂණ ආයතනයේ අරමුණ විය.

අපගේ දැක්ම

ජාතියේ අභිවෘද්ධිය සඳහා නව්‍ය සහ තිරසාර ඛනිජ කර්මාන්තය සපයන අතරම ඛනිජ සම්පත්වල ප්‍රමුඛතම භාරකරු ලෙස පිළිගැනීම.

අපගේ මෙහෙවර

"ඛනිජ අංශයේ පහසුව හරහා නව්‍ය සහ ඵලදායී විසඳුම් ලබා දීම සඳහා අඛණ්ඩතාවයෙන් සහ ගෞරවයෙන් ක්‍රියා කරමින්, පාර්ශ්වකරුවන් සමඟ ඔවුන්ගේ උපරිම තෘප්තියට සහයෝගීව කටයුතු කිරීම."

සංක්ෂේපය

දශක දොළහකට වැඩි කාලයක් පුරා ලබා ගත් නිරූපිත පුළුල් පරාසයක ඔප්පු කරන ලද විශේෂඥතාව සහිත කාර්යාංශය, කරුණු පාදක තොරතුරු පිළිබඳ ප්‍රමුඛ මූලාශ්‍රය ලෙස ක්‍රියාත්මක වන අතර රජය, කර්මාන්ත, ශාස්ත්‍රසේවී ප්‍රජාව සහ සාමාන්‍ය මහජනයා සඳහා ස්වේචඡා හෝ කොමිස් මුදල් පදනමින් භූ විද්‍යාත්මක උපදෙස් සහ වෘත්තීය සේවා සැපයීමේ හැකියාවෙන් පිරිපුන් ය.

පුළුල්ව ගත් කළ, එහි මෙහෙයුම් භූ විද්‍යා සිතියම් සැකසීම, බහු ශිල්පීය ක්‍රම ඒකාබද්ධ ඛනිජ ගවේෂණය, බලපත්‍ර නිකුත් කිරීම මගින් කැනීම් ක්‍රියාකාරකම් නියාමනය කිරීම, ගවේෂණ සහ කැණීම් කල් බදු හිමිකම් පැවැරීම (ඛනිජ හිමිකම් පැවැරිම) සහ සේවාලාභී ප්‍රතිචාර ක්‍රියාකාරකම් (ඛනිජ සම්පත් සමීක්ෂණ, භූ භෞතික සහ විදුම් කොන්ත්‍රාත්තු), විද්‍යාගාර සේවා සහ භූ විද්‍යා තොරතුරු ප්‍රචාරණය මෙන්ම කාර්යාංශ පුස්තාකාලයේ ඇති ප්‍රකාශිත හා අප්‍රකාශිත වාර්තා, සිතියම් සහ අනෙකුත් ලේඛනාගාර වෙත ප්‍රවේශය ආදියෙන් සමන්විත වේ.