මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන්නේ “ඇයට ශක්තිය දැයට ප්‍රගතිය “ යනුවෙනි. ජාත්‍යන්තර කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්‍යාපාරය හරහා වර්ධනය වූවකි.
එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් අද දින (2024.03.08) කාර්යාංශීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී සභාපතිතුමන් සිය අදහස් දැක්වීමේදී කියා සිටියේ ආයතනයේ සියළු කාන්තාවන් ආයතනය වෙනුවෙන් සිදු කරන වටිනා සේවය අගය කොට සලකන බවත් ආයතනයේ අභිවෘධිය වෙනුවෙන් සභාපතිතුමන් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය උපරිම දායකත්වය ආයතනය වෙනුවෙන් ඉදිරියේදීත් නොපිරිහෙලා ඉටුකරන ලෙසය. මෙහිදී අදහස් දැක්වූ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් කියා සිටියේ කාර්යාංශයේ රාජකාරී සිදු කරන සියළු කාන්තාවන් ආයතනය වෙනුවෙන් සිදු කරන සේවය ඉතා අගය කොට සලකන බවත් සියළු දෙනා එකමුතුව අනවශ්‍ය කරුණු කාරණා වෙනුවෙන් ආයතනය තුල ගැටුම්, සිත්තැවුල් ඇති නොවීමට වගබලාගෙන සහයෝගයෙන් සියළු දෙනා සමග රාජකාරී සිදු කරන ලෙසය. මෙම කෙටි උත්සවය සඳහා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකු සහ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියළු කාන්තාවන් සහභාගී විය.

womens day cover431647926 912310727570417 5176352218173816347 n

ch womendg women

shala wowo6

wo2wo3

wo4wo5

aud wowo1