භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් ප්‍රමුඛ වන්නේ රාජ්‍ය නිලධාරීන් සඳහා ඉදිරිපත් කෙරෙන වැඩ සටහන්ය. ප්‍රාදේශිය ලේකම් වරුන්, ග්‍රාම නිලධාරින් හා පොලිස් නිලධාරීන් සහ කැණීම් බලපත්‍රලාභීන් සඳහා පතල් හා ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ ගැසට් කරන ලද රෙගුලාසීන් මෙන්ම පාරිසරික සංරක්ෂණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම් කෙරේ.
එසේම ඛනිජ සම්පත්, භූ ව්‍යාසනයන් මෙන්ම වෙනත් කාලීන භූ විද්‍යාත්මක තොරතුරු පිළිබඳව දැනුවත් කිරීම් මහජනතාවට ද විශේෂයෙන්ම පාසල් දරුවන් හා උසස් අධ්‍යපන ආයතන වල සිසු දරු දැරියන් සඳහා ද ඉදිරිපත් කෙරේ.