2010 වර්ෂය සඳහා වූ වාර්ෂික ක්‍රියාකාරී සැළැස්ම යටතේ 1: 100, 000 පරිමාණයේ භූ විද්‍යාත්මක සිතියම් ශ්‍රේණියේ කොළඹ රත්නපුර සිතියම (සිතියම් පත්‍ර # 13) ශ්‍රේණියේ උසස් කිරීමේ වැඩ සිදුකෙරෙමින් පවතී. ක්ෂේත්‍ර අධ්‍යපන, පාෂාණ නියැදිවල පාෂාණ විද්‍යාත්මක සහ රසායනික විශ්ලේෂණ යනාදිය සිදු කිරීම ද සිතියම් පත්‍ර පිළිබඳ නිබන්ධ පිළියෙල කිරීම ද, එම වැඩවලට අයත් වේ. ශ්‍රී ලංකාවේ උස් බිම් සංකීර්ණ සහ විජයානු සංකීර්ණය අතර මායිම නිවැරදි ලෙස සලකනු කිරීම එම අධ්‍යනයේ ප්‍රධාන අරමුණකි.
විජයානු සංකීර්ණයට අයත් පාෂාණ පිළිබඳ පර්යේෂණ අධ්‍යනයක් ද, සිදු කරමින් පවතී. එම සංකීර්ණයේ සම්භවය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම පිණිස ද, වෙනත් මායිම් කැබලි සමඟ එම සංකීර්ණයේ සබඳතා තේරුම් ගැනීම සඳහා ද, එම පාෂාණවල රසායනික, ඛණිජ විද්‍යාත්මක සහ චුම්භක ගුණ සහ ඒවායේ කාලානුක්‍රමය ද අධ්‍යපනයට බඳුන් කැනු ලැබේ.