ගරු පරිසර රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා හා පරිසර අමාත්යාංශයේ ලේකම් නීතිඥ බී.කේ. ප්රභාත් චන්ද්රකීර්ති මහතා ඇතුළු පරිසර අමාත්යාංශයේ නිලධාරින් පිරිසක් භු විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යභාරය හා 2024 වර්ෂයේ ඉදිරි වැඩපිලිවෙල පිලිබදව ප්රගති සමාලෝචන රැස්විමක් කාර්යාංශය තුලදී පැවැත්විය. එ අනුව 2024 වර්ෂයේ මුල් කාර්තුව තුල කාර්යාංශය අත්කරගත් ජයක්ග්රහණ මෙන්ම ලබා ගත් ප්රගතිය පිලිබදව කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා හා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රන්ජිත් ප්රේමසිරි යන මහත්වරුන් විසින් කරුණු ඉදිරිපත් කරන ලදි. කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා විසින් කාර්යාංශයේ සේවාවන් වඩාත් පහසුවෙන් හා කඩිනමින් ජනතාව වෙත සැපයිම සදහා මාර්ග ගත (On line) තාක්ෂණය භාවිතා කරමින් වැඩ පිලිවෙලක් සකස් කරන බව ගරු පරිසර රාජ්ය අමාත්යතුමා දැනුම්වත් කරන ලදි. භු විද්යා සමික්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2023 වර්ෂයේ දි මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 2.8 ක මුදලක් ලබා දුන් බව සදහන් කරන ලදි.

මෙම මාර්ග ගත (On line) තාක්ෂණය ඔස්සේ කටයුතු කිරිමේ දී අනවසර ඛණිජ කැණිම් පාලනය කිරිම වඩාත් පහසු වන බවත් එ අනුව පරිසර විනාශයන් අවම කරගනිමින් රටේ ඛණිජ අවශතාවය සපුරාලිය හැකි බවත් සභාපතිවරයා විසින් වැඩිදුරටත් ප්රකාශ කරන ලදි. කාර්යාංශයේ නිලධාරින් හට සිය රාජකාරි ඉටු කිරිමේ දී පැන නගින ගැටළු පිලිබදව ගරු පරිසර රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා දැනුම්වත් කල අතර එම ගැටළු නිරාකරණය කර දිමට අමත්යවරයා විසින් එම අවස්ථාවේදීම කටයුතු කරන ලදි. තවද කාර්යාංශයයේ ප්රතිරුපය වඩාත් වර්ධනය කරගනිමින් සේවා ලාභින් සදහා ඉතා කඩිනමින් හා ඵලදායිව තම සේවාවන් සපයන ලෙසත් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා දිමට කටයුතු කරන ලෙස ප්රකාශ කරන ලදි. පරිසර අමාත්යාංශයේ ලේකම් නීතිඥ බී.කේ. ප්රභාත් චන්ද්රකීර්ති මහතා විසින් භු විද්යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ කටයුතු පිලිබදව තමා සතුටු වන බවත් මේ 2024 වර්ෂය තුලදි තම සේවාවන් වඩාත් පුළුල් කරමින් මහජනතාවට වඩාත් පහසුවෙන් තම කාර්යයන් ඉටුකර දී 2023 වර්ෂයට වඩා වැඩි මුදල් ප්රමානයක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දිමට කටයුතු කරන ලෙසත් දන්වන ලදි. මෙම අවස්ථාව සදහා කාර්යාංශයේ ඉහල නිලධාරින් පිරිසක් සහභාගි විය.

 

wak1  wak2   wak5

wak8  wak3

wak4   wak6