පොත් එකතු

  1. බැහැර දීමේ පොත් එකතුව

    පුස්තකාලයේ බැහැර දීමේ අංශයේ පෙළ පොත් 5000 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඉන් බහුතරයක් භූ විද්‍යාව, භූ භෞතික විද්‍යාව, භූ රසායන විද්‍යාව, විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව, භූ කමිපනවේදය, භෞමික විද්‍යාව,පාරිසරික විද්‍යාව සහ පතල් ඉංජිනේරු විද්‍යාව යන විෂය ක්ෂෙත්‍රයන් ආවරණය කරයි. මෙම එකතුවේ ඇති පොත් පිළිබඳ තොරතුරු නොබෝ දිනකින්ම මාර්ගගත පුස්තකාල සූචිය භාවිතා කරමින් සොයා ගැනීමට හැකිවනු ඇත. බැහැර දීමේ පොත් “ඞුවී දශම වර්ගීකරණය” නමින් හඳුන්වන ජාත්‍යන්තර වර්ගීකරණ ක්‍රමවේදයට අනුව අසුරා ඇත.

  2. විමර්ශන එකතුව

    ශබ්ද කෝෂ, විශ්ව කෝෂ, ලෝක සිතියම්, වාර්ෂික පොත්, පරිපාලන වාර්තා, අප්‍රකාශිත තාක්ෂණික වාර්තා, සාරසංග්‍රහ සහ වෘත්තීමය වාර්තා ආදියෙන් මෙම එකතුව සමන්විත වේ. මෙම එකතුවේ පොත් පුස්තකාලයතුළ දී පමණක් විමර්ශනය කළ හැක.

  3. නිබන්ධන එකතුව

    මෙය විදේශීය විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතනවල පශ්චාත් උපාධිය ලබා ගත් කාර්යාංශ කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් රචිත ඉහළ උපාධි නිබන්ධනවල එකතුවකි. උපාධි නිබන්දන විෂය අනුව සූචියේ ලැයිස්තු ගත කර ඇත.

  4. සිතියම් එකතුව

    මෙය සිතියම් හා සිතියම් පොත් එකතුවකින් සමන්විතය. ඊට භූ ලක්ෂණ සිතියම්ථ මාර්ග සිතියම්, ශ්‍රී ලංකා ජාතික සිතියම, භූගෝල විද්‍යා සිතියම් (1,100,000 පරිමාණයේ සිතියම් 22), ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සිතියම, ශ්‍රි ලංකාවේ ඛනිජ ලවණ සිතියම (ත්‍රෛභාෂික) ශ්‍රී ලංකා විපරිත සිතියම, ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක සිතියම, 1:250,000 පරිමාණයේ භූ විද්‍යා සිතියම් 04 ක්, 1:50,000 පරිමාණයේ චාතුර්තික සිතියම් 03 ක් සහ 1:50,000 පරිමාණයේ භූ විද්‍යා සිතියම් 26 ක් ඇතුළත් වේ.

  5. වාර ප්‍රකාශන එකතුව

    මෙම එකතුව 1887 සිට 2014 වසර දක්වා වාර ප්‍රකාශනවලින් සමන්විත වන අතර භූ විද්‍යාව, භූ භෞතික විද්‍යාව, භූ රසායන විද්‍යාව, කාර්මික ඛනිජ ද්‍රව්‍ය, භූ කම්පනවේදය, විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව, පාෂාණ විද්‍යාව ආදී විෂය ක්ෂෙත්‍ර ආවරණය කරයි. (ප්‍රකාශන එකතුව OPAC හි දැක්වේ)

  6. පුවත්පත් විදලන

    ඩේලි නිව්ස්, ද අයිලන්ඩ්, දිවයින, ලංකාදීප, සිළුමිණ, ඉරිදා ලංකාදීප, සන්ඩේ ඔබ්සව(ර්) වැනි දේශීය පුවත්පත්වලින් කපා ගත් උපුටන එකතුවක් පුස්තකාලයේ ඇත.

  7. විශේෂ එකතුව

    එක් අයෙකු විසින් විශාල ප්‍රමාණයකින් සපයනු ලැබූ සහ පුස්තකාල නිර්ණායක අනුව තෝරා ගත් ග්‍රන්ථවලින් මෙම එකතුව සකස් කොට ඇත. මේ වන විට පුස්තකාලය සතුව පහත එකතු තිබේ.

- අභාවප්‍රාප්ත මහාචාර්ය පී.ජී. කුරේ මහතාගේ එකතුව

සේවා

  1. පුස්තකාල පොත් පත්වලට අදාළ විමසීම් ඇතුළුව පාඨක සේවා
  2. විමර්ශන හා බැහැර දීමේ සේවා (කාර්යාංශ කාර්ය මණ්ඩලයේ ඕනෑම අයෙකු මෙම සේවාව ලබා ගත හැක.)
  3. වත්මන් දැනුවත් කිරීමේ සේවා
  4. ලේඛන සැපයීමේ සේවා
  5. ඡායා පිටපත් සේව
  6. අන්තර් පුස්තකාල හුවමාරු
  7. ඩිජිටල් පුස්තකාලය (කෙරී ගෙන යන)
  8. මාර්ගගත සූචිය (කෙරී ගෙන යන)