අපගේ අතීත වාර්තාවන්ගෙන් අනාවරණය වනුයේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය අවරුදු අනූවක කාල පරාසයක් පුරා විහිදෙන භූ විද්‍යා දෙපාර්තමේන්තු තුනක අනුප්‍රාප්තිකයා බවයි. ඉන් පළමුවන්න වූ‌යේ ලංඩන්හි ඉම්පිරීයල් ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඩබ්ලියු. ආර්. ඩන්ස්ටන් මහතාගේ නිර්දේශය මත 1903 වසරේදී ස්ථාපිත කරනු ලැබූ ලංකා ඛනිජ සමීක්ෂණ ආයතනය වූ අතර එහි ප්‍රථම ප්‍රධාන ඛනිජ සමික්ෂක වූයේ ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මහතා ය. රටේ ඛනිජ සම්පත් පවත්නා ප්‍රමාණය සහ එහි ආර්ථික ඛනිජ සංවර්ධන කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම ලංකා ඛනිජ සමීක්ෂණ ආයතනයේ අරමුණ විය.

1920 වසරේදී, ලංකා ඛනිජ සමීක්ෂණ ආයතනය එහි නාමය රජයේ ඛනිජ විද්‍යාඥ දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කරනු ලැබූ අතර එය පොදු ව්‍යවහාරයේදි ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වුණි. අවසාන වශයෙන් 1962 වසරේදී එය භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස නැවත නම් කරනු ලැබ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ස්ථාපිත කිරිම සඳහා 1993 දී එය අහෝසි කරන තෙක් එනමින් පැවතුණි. 1903 සිට ලංකා ඛනිජ සමීක්ෂණ ආයතනය, රජයේ ඛනිජ විද්‍යාඥ දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල ප්‍රධානත්වය දරන ලද්දේ පහත අධ්‍යක්ෂවරුන් දහ හතර දෙනාය.

ආචාර්ය ආනන්ද කේ. කුමාරස්වාමි
අධ්‍යක්ෂක - MSC
1903 - 1906
ජේම්ස් පාර්සන්ස්
අධ්‍යක්ෂක - MSC
1907 - 1908
ජේ. ඒ ඩැනියෙල්
අධ්‍යක්ෂක - MSC
1909 - 1914
ජේ . ස්පෙන්සර් කෝට්ස්
අධ්‍යක්ෂක
MSC : 1919 - 1920
DGM : 1921 1934
ආචාර්ය ඩී.එන් වාඩියා
අධ්‍යක්ෂක - MSC
1936 - 1944
එල්.ජේ.ඩී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂක
DGM : 1945 - 1962
GSD : 1962 - 1971
ඩී.බී. පට්ටිආරච්චි
අධ්‍යක්ෂක - GSD
1971 - 1975
ආචාර්ය එම්.එම්.ජේ.ඩබ්ලිව්. හේරත්
අධ්‍යක්ෂක - GSD
1975 - 1976
ඩී.ජේ.ඒ.සී හපුආරච්චි
අධ්‍යක්ෂක - GSD
1976 - 1983
එල්.කේ. සෙනෙවිරත්න
අධ්‍යක්ෂක - GSD
1983 - 1985
ඩී.ඊ.ඩී.එස්. ජයවර්ධන
අධ්‍යක්ෂක - GSD
1985 - 1987
එම් ආර් ඩී ප්‍රනාන්දු
අධ්‍යක්ෂක - GSD
1987 - 1990
එන්.එස්. රණසිංහ
අධ්‍යක්ෂක - GSD
1990 - 1993

දෙපාර්තමේන්තු තුනේ ඉහත නම් සඳහන් ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සොයා ගැනීම හා ඒවා පිළිබඳ දත්ත ලේඛනගත කිරීමේදී පුරෝගාමි කාර්ය භාරයක් ඉටු කළ අතර වත්මනෙහි ක්‍රියාත්මක සියලු ඛනිජ පාදක කර්මාන්ත තම පැවැත්ම වෙනුවෙන් ඔවුනට ණය ගැතිය.

බලපත්‍ර නිකුත් කිරීම මගින් රටේ පතල් සහ පතල් ආශ්‍රිත ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ අතිරේක වගකිම් සහිතව භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ කර්තව්‍ය ඒකාබද්ධ කිරීම පිණිස 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1993 මාර්තු 16 වැනි දින, 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත යන පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත ආයතනයක් ලෙස භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ස්ථාපිත කරනු ලැබීය. වර්තමානය දක්වා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ප්‍රධාන තාක්ෂණික නිලධාරීන් ලෙස අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සහ ප්‍රධාන විධායක නිලධාරින් ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරුන් පස් දෙනෙකු විසින් පරිපාලනය කරනු ලැබීය. එම නිලධාරීන් වනුයේ:

ආචාර්ය එන් පී විජයානන්ද
අධ්‍යක්ෂක
1993 - 2003
එස් වීරවර්ණකුල
අධ්‍යක්ෂක
2004 - 2006
ආචාර්ය ඩී.එම්.ඩී.ඕ.කේ. දිසානායක
අධ්‍යක්ෂක
2007 - 2010
එස්.එම්.ඒ.ටී.බී. මුදුන්කොටුව
අධ්‍යක්ෂක
අධ්‍යක්ෂක 2006 - 2007
අධ්‍යක්ෂක ජනරාල් 2010 - 2011
බී.ඒ. පීරිස්
අධ්‍යක්ෂක ජනරාල්
2011 - 2014
ආචාර්ය ඩබ්ලිව්.කේ.බී.එන්. ප්රමේ
අධ්‍යක්ෂක ජනරාල්
2014 - 2016
මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ.ආර්.ප්‍රනාන්දු
අධ්‍යක්ෂක ජනරාල්
2017 - 2018
ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන
අධ්‍යක්ෂක ජනරාල්
2018 - 2020 මාර්තු
Sajjana
ඉංජි. ඩී. සජ්ජන ද සිල්වා
අධ්‍යක්ෂක ජනරාල්
2018 - 2020 මාර්තු
ajith
වරලත් භූ විද්‍යාඥ අජිත් ප්‍රේමා
අධ්‍යක්ෂක ජනරාල්
2018 - 2020 මාර්තු
Premasiri
මහාචාර්යය. එච්. එම්. ප්‍රේමසිරි
අධ්‍යක්ෂක ජනරාල්
2018 - 2020 මාර්තු

කාර්යාංශයේ සභාපති වූයේ:

කරුණාසේන කොඩිතුවක්කු
සභාපති
1993
ඒ ටී ප්‍රියා එදිරිසිංහ
සභාපති
1993 - 1994
ජයසේකර ඩග්ලස් එම්
සභාපති
1994 - 1999
මහාචාර්ය පී. ජෙරල්ඩ් (ගෙරි) කුරේ
සභාපති
1999
කරුණාසේන හෙට්ටිආරච්චි
සභාපති
2000 - 2001
ආර් ජනප්‍රිය ද සිල්වා
සභාපති
2001 - 2004
මහාචාර්ය පී.ජී.ආර් ධර්මරත්න
සභාපති
2004 - 2006
මහාචාර්ය එන්.ටී සොහාන් විජේසේකර
සභාපති
2006 - 2007
ආචාර්ය එන් පී විජයානන්ද
සභාපති
2007 - 2013
සෙනරත් ජයසුන්දර
සභාපති
2013 - 2014
ආචාර්ය ඩී.එම්.ඩී.ඕ. කිත්සිරි
සභාපති
2014 - 2017
නිමල් බෝපගේ
සභාපති
2017 - 2018
අසේල ඉද්දවෙල
සභාපති
2018 - 2019
 
anrwa
අනුර වල්පොල
සභාපති
2020 ජන - 2022 පෙබ
Sene
අචාර්ය සෙනරත් හේවගේ
සභාපති
2022 - 2023
sandeepan
ආර්. සන්ජීපන්
සභාපති
2022 දෙසැ - 2023 නොවැ
snj
අචාර්ය සන්ජේ පෙරේරා
සභාපති
2023 නොවැ - 2024 පෙබ
kithsiri
අචාර්ය කිත්සිරි මංචනායක
සභාපති
වත්මන්